හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය ඒ බව සඳහන් කළා.
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වත්මන් රජයේ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසින් කටයුතු කළා.
ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පසුගිය සතියේ දී සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා ඉල්ලා අස්වුණා.