ශ්‍රි ලංකාවේ ප්‍රාථමික පාසල් දරුවන් මිලියන 1.6 ක් වෙනුවෙන් අහිමි වු අධ්‍යාපනය නැවත ලබා දීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය සහ යුනිසෙෆ් සංවිධානය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.
මෙය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ සහ යුනිසෙෆ් ශ්‍රී ලංකා සංවිධානයේ ප්‍රධානී ක්‍රිස්ටියන් ස්කූග් මහතා ඇතුලු රජයේ මෙන්ම තවත් අංශවල දායකත්වය ඇතිව ආරමිභ කර තිබෙනවා.
මේ අතර යුනිසෙෆ් සංවිධානය පවසන්නේ දිවයින පුරා සිටින ප්‍රාථමික අංශයේ පාසල් දරුවන් මිලියන 1.6 ක් කොවිඩි සහ ආර්ථීක අර්බුධය හේතුවෙන් අභියෝග රැසකට මුහුන දෙමින් සිටින බවයි.
3 වන ශ්‍රේණියේ ළමුන්ගෙන් සියයට 85 ක් ගණනය කිරීම් සහ සාක්ෂරතාවය වැනි මුලික කුසලතාවන්හි අවම මට්ටම් පවා ලබාගෙන නොමැති බවයි යුනිසෙෆ් සංවිධානය කියා සිටියේ.
එම සංවිධානය අවධාරනය කරන්නේ පිලිගත් අන්තර්ජාතික මිනුම් මට්ටමට අනුව රටක දළ දේශීය නිශ්පාදනයෙන් සියයට 4 ත් 6 ත් අතර අගයක් අධ්‍යාපන ප්‍රතිපාදන සඳහා ලබා දිය යුතු බවයි.
නමුත් ශ්‍රි ලංකාවේ මේ වන විට අධ්‍යාපනය සඳහා වෙන් කරනු ලබන්නේ දළ දේශීය නිශ්පාදිතයෙන් සියයට 2 කට වඩා අඩු ප්‍රමාණයක් බවද යුනිසෙෆ් සංවිධානය පවසනවා.
ඒ අනුව ශ්‍රි ලංකාව දකුණූ ආසියාව තුළ අධ්‍යාපනය සඳහා අඩුම ප්‍රතිපාදන වෙන් කරනු ලබන රට බවට පත්ව ඇති බවයි යුනිසෙෆ් සංවිධානය අවධාරණය කරන්නේ.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













