2026 ජනවාරි මාසය සඳහා වන අස්වැසුම සුබසාධන වාරික ලබාදීම අද (28) සිට ආරම්භ කර ඇති බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම්දී තිබෙනවා.
ඒ අනුව පළමු සහ දෙවන අදියර යටතේ සුදුසුකම් ලැබූ සියලුම පවුල්වලට තමන්ගේ බැංකු ගිණුම් හරහා අදාළ මුදල් ලබාගත හැකි බවයි දැනුම්දෙන්නේ.
පළමු අදියර යටතේ පවුල් 1,415,584ක් සඳහා රුපියල් 11,234,713,750.00ක මුදලක් රජය විසින් වැය කර තිබෙනවා.
දෙවන අදියරට පවුල් 248,454ක් සඳහා රුපියල් 2,235,137,500.00ක මුදලක් වෙන් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
මෙම ගෙවීම් කටයුතු සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේ නම්, ප්‍රතිලාභීන්ට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා හෝ සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය මගින් තොරතුරු ලබාගත හැකි බව ද දන්වා සිටිනවා.














