සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාවේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම හා එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබා ගත යුතු බවට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ දී තීරණය වී තිබෙනවා.
ඒ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී එම කමිටුව රැස්වූ අවස්ථාවේදීයි.
එමෙන්ම, වී මිලදී ගැනීම පිළිබඳ ද දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර මෝල් හිමියන්ට ලබා දී තිබෙන ණය පහසුම් යටතේ මිලදී ගන්නා වී ප්‍රමාණය පිළිබඳ පසුවිපරමක් සිදු කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමුව තිබෙනවා.
රටේ ජනතාවගේ ආහාර පරිභෝජනය සම්බන්ධයෙන් අධ්‍යයනය කළ යුතු බවත් නිරෝගී ජනතාවක් බිහි කිරීමට මෙන්ම ආහාර අපතේ යාම වැලැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අමාත්‍ය වසන්ත සමරසිංහ කමිටු සාමාජිකයින්ට උපදෙස් ලබා දී තිබුණා.
ඒ අනුව, ජාතික ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්ති රාමුවක් ඇති කිරීම, අත්‍යවශ්‍ය ආහාර තොරතුරු පද්ධතියක් පවත්වා ගෙන යාම, ආහාර සුරක්ෂිතතාව, ආහාර මිල සහ වෙළෙඳපොළ කළමනාකරණයට අදාළ වැඩපිළිවෙළක් සකස් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබෙනවා.