මහියංගණය, ගුරුමඩ ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ තියුනු ආයුධයකින් පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙක් රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී එක් අයෙකු මියගොස් ඇති බවයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 35ක් පමණ වන පුද්ගලයෙකු වන අතර තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වයස අවුරුදු 20ක පමණ තරුණයෙක් බවයි පොලිසිය කියා සිටියේ.
මොවුන් සොරබොර, මහියංගණය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසනවා.
පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ මරණයට පත්වූ පුද්ගලයාගේ ඥාතී සහෝදරියකගේ අවමඟුල් උත්සවයක් අතරතුර ඇති වූ පවුල් ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි.
තුවාලකරු මහියංගණය රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබන බවත් මියගිය පුද්ගලයාගේ මෘතදේහය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත් පොලිසිය පවසනවා.
ඝාතනයට සම්බන්ධ වයස අවුරුදු 45ක් පමණ වූ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මහියංගණය පොලිසිය විසින් සිදු කරනු ලබනවා.