පවතින දරුණු කාලගුණික අර්බුදය හමුවේ පාකිස්ථාන රජය සහ ජනතාව ශ්‍රී ලංකාවට පූර්ණ සහාය පළකර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත්තේ, ආපදාවට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සිය රජයේ සහයෝගීතාවය ලබාදීමට කටයුතු කරන බවයි.
එමෙන්ම ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා තව දුරටත් ශක්තිමත් කරමින් ඉන්දියානු රජය සහ ජනතාවගෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් පරිත්‍යාග රැගත් ඉන්දී්‍ය ගුවන් යානයක් අද අලුයම මෙරටට ළඟා වී තිබෙනවා.
ටොන් 80ක් බරැති සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් එම පරිත්‍යාගයට ඇතුළත් අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එම පරිත්‍යාගය නිල වශයෙන් බාර ගෙන ඇති බවයි වාර්තා වන්නේ..
මේ අතර ඉන්දියානු ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායමක් අද (29) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.
ඉන්දීය ගුවන් යානයකින් මෙම පිරිස දිවයිනට පැමිණ ඇති අතර, එම කණ්ඩායමට කාන්තාවන් සිව්දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 76 දෙනෙකු ඇතුළත් .
මේ අතරට සුනඛයින් සිව්දෙනෙකුට ඇතුළත් වනවා..
රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත්වූ පිරිස කඩිනමින් මුදාගැනීමේ අරමුණින් මෙම පිරිස දිවයිනට පැමිණ ඇති අතර, ඔවුන් ආපදා උපකරණ ද දිවයනට රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- මර්වින්ට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි
- විල්පත්තුවේ මහා පරිමාණ දඩමස් ජාවාරමක්
- කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
- විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡාවක්
- නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වැඩි බර වාහන ධාවනය කරන බවට චෝදනා
- වායු ගුණාත්මකභාවය පහලට
- බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්













