අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීම උදෙසාAI තාක්ෂණය සහ අනෙකුත් නව තාක්ෂණික උපාංග කඩිනමින් භාවිතයේ යෙදවීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශයේ දී පසුගියදා සාකච්ඡාවක් පැවැත්වුණා.
නිරන්තරයෙන් දුම්රියවල අලිඇතුන්ගැටීමට අදාළ සිදුවීම් මෑතකාලයේදී වැඩි වශයෙන් දක්නට ලැබුණු අතර එවැනි සිදුවීම් පෙර හඳුනාගෙන ප්‍රායෝගික විසඳුම් සෙවීම සඳහා නව රජය විසින් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා.
ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු රජයේ විශ්වවිද්‍යාල කිහිපයක් විසින් හඳුනා ගත් නවීන තාක්ෂණික උපක්‍රම සහ උපාංග පිළිබඳ දැනුවත් කිරීමක් මෙහි දී සිදුවුණා.
එම තාක්ෂණය කඩිනමින් ප්‍රායෝගිකව භාවිතයේ යෙදවීමට අදාළ ආයතන දැනුවත් කිරීම මෙම සාකච්ඡාවේ අරමුණයි.