රුපියල් ලක්ෂ පහක අල්ලසක් ලබා ගත් බව කියන පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබුණේ ඉඩම් ආරවුලක් සමතයකට පත්කරලීම සඳහා පුවරසන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා රුපියල් ලක්ෂ පහක මුදලක් ඉල්ලා සිටි බවයි.
ඒ අනුව එම අල්ලස් මුදල ඔහුගේ නිල කාමරයේ දී ලබා ගන්නා අවස්ථාවේ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව පැවසුවේ.
උණුසුම් පුවත්
- අකුරැස්සේ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට
- ලිට්‍රෝ ගෑස් අද සිට වෙළදපොළේ
- මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්
- අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
- අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට – වැසි තත්ත්වයේ අඩුවක්
- සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
- දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි
- සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්












