රුපියල් ලක්ෂ පහක අල්ලසක් ලබා ගත් බව කියන පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබුණේ ඉඩම් ආරවුලක් සමතයකට පත්කරලීම සඳහා පුවරසන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා රුපියල් ලක්ෂ පහක මුදලක් ඉල්ලා සිටි බවයි.
ඒ අනුව එම අල්ලස් මුදල ඔහුගේ නිල කාමරයේ දී ලබා ගන්නා අවස්ථාවේ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව පැවසුවේ.
උණුසුම් පුවත්
- ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිදට වසර 17 ක සිර දඩුවම්
- මාලිමා මන්ත්‍රීගේ ගංජා වැටලීම කළ පොලිස් නිලධාරියාට ප්‍රහාරයක්
- ආපදා හානි සෙවීමට කමිටුවක්
- සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
- නීති විරෝධී දුම්වැටි 4200ක් සමග තරුණයෙක් අත්අඩංගුවට
- දියවැලකට හසු වූ ජෝර්ජියා ජාතිකයා බේරාගනියි
- අද දවසේ කාලගුණ තත්ත්වය
- පේරාදෙණිය සරසවියේ පීඨ දෙකක් 29 විවෘත කිරීමට පියවර












