මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා ඇතුළු පිරිසක් හමු වී සාකච්ඡාවල නිරත වී තිබෙනවා.
අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී ආරම්භ වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුව අතුරතුරදීය මෙම හමුව සිවදු ඇත්තේ.
පවතින ආර්ථික තත්ත්වයෙන් ඉදිරියට යෑම සඳහා ශක්තිමත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ විශිෂ්ට ප්‍රතිසංස්කරණ සිදු කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා ශ්‍රී ලංකා බලධාරීන්ට ප්‍රශංසා කර තිබෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සිය එක්ස් ගිණුමේ පණිවුඩයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කර ඇත්තේ.
උණුසුම් පුවත්
- දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්
- විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි
- වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…
- හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි
- උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස
- T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද
- දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි














