පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ලුණුගම්වෙහෙර හා වෙහෙරගල ජලාශ දෙකේ වාන් දොරටු හය බැගින් විවෘත කර තිබෙනවා.
ඉහළ ධාරා ප්‍රදේශවලට පවතින අධික වැසි හේතුවෙන් ජලාශවල ජල මට්ටම ඉහල ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු හයක් අඟල් හතර බැගින් විවෘත කර ඇති අතර එමගින් කිරිඳි ඔයට තත්ත්පරයට ඝන අඩි 1776 ක ජලයක් මුදා හරින බවයි තිස්සමහාරාමය වාරිමාර්ග ඉංජිනේරු කේ. ටි. ඩි. ඩී. පි. වර්ණකුලසූරිය මහතා සදහන් කලේ.
වෙහෙරගල ජලාශයේද වාන් දොරටු හයක් අඟල් හය බැගින් විවෘත කර තිබෙන බවත් එමගින්ද තත්ත්පරයට ඝන අඩි 1524 ක් මැණික් ගඟට ජලය මුදා හැරීම සිදු කරන බවත් වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කළා.
කිරිඳිඔය හා මැණික් ගඟ දෙපස පදිංචිකරුවන් හා ගඟ පරිහරණය කරන පුද්ගලයින් ප්‍රවේශම් වන ලෙසට ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.













