Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අයවැයට පක්ෂව ඡන්දය දුන් වතුකරයේ වෘත්තීය සමිති නායකයන් ගැන අනාවරනයක්

    අයවැයට පක්ෂව ඡන්දය දුන් වතුකරයේ වෘත්තීය සමිති නායකයන් ගැන අනාවරනයක්

    2025-11-16කියවීමට මිනිත්තු 2ක් ගතවේ.74 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වතුකරයේ සමහර වෘත්තීය සමිති නායකයන් අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන්නේ එයට විරුද්ධවුවහොත් වතු කම්කරුවන් ඔවුන්ට වතුවලට එන්න නොදී පහර දෙයි කියන බවට බව හැටන් දික්ඔය නගර සබාවේ හිටපු සභාපති වත්මන් නාගරික මන්ත්‍රී (සමගි ජන බලවේගය) අලගමුත්තු නන්දකුමාර් මහතා පවසනවා.

    ජාතික කම්කරු සංගමයේ විවිධ නිලතල දරමින් කටයුතු කළ පිරිසක් එම සංගමයෙන් ඉවත්ව වෙනත් සංගමයක් ආරම්භ කිරීම නිමිති කරගෙන 16 වන දින හැටන් ලාඇඩම්ස් ශාලාවේදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසූ අලගමුත්තු නන්දකුමාර් මහතා එහිදී මෙසේද කියා සිටියා.

    රජය මගින් වතු කම්කරුවන්ට රුපියල් 200ක් වැඩි කිරීම පිළිබඳ අපි සතුටු වෙනවා.

    මොකද වතුකරයේ ජනතාවට යමක් ලැබෙනවා නම් එයට අපි කැමැතියි මෙවර අයවැයට වතුකරය නියෝජනය කරන වෘත්තීය සමිති නායකයන් පක්ෂව ඡන්දය ලබාදුන්නේ එයට විරුද්ධව ඡන්දය ලබාදුන්නොත් වතුකර ජනතාව ඔවුන්ට වතුවලට එන්න නොදී පහර දෙයි කියන බයට.

    මොකද මේ වන විටත් මේ රජය ලබාදෙන බව පවසන රුපියල් 200 වැටුප් වැඩි කිරීමට එරෙහිවන අයට විරුද්ධව බොහෝ වතුවල වතු කම්කරුවන් පොල් ගැසීම් කරනවා.

    එම තත්ත්වයන් මත මේ බොහෝ වෘත්තීය සමිති නායකයන් මෙයට විරුද්ධ වෙන්න බයෙන් ඉන්නේ.

    මම දීර්ඝ කාලයක් තිස්සේ ලංකා කම්කරු කොංග්‍රසය සමග දේශපාලනය කර පසුව ජාතික කම්කරු සංගමය සමග දේශපාලනය කළා.
    ඒත් අද මම ජාතික කම්කරු සංගමයෙන් ඉවත්ව අද(16) දින සිවනේසන් මහතාගේ නායකත්වයෙන් පිහිටුවනු ලබන නව සංවිධානය සමග එකතු වනවා.

    අපි දැකපු දෙයක් තමයි කන්ද උඩරට වතුර ජනතාවගේ අයිතීන් ඔවුන්ට නිසිලෙස ලැබෙන්නේ නැහැ කියන එක.

    අද මෙතන ජාතික කම්කරු සංගමයේ වැඩි පිරිසක් එම සංගමයෙන් ඉවත්ව නව සංවිධානය සමග එක්වෙනවා.

    අපිට මේ ජනතාවට නිසි සේවය කිරීමට අවස්ථාව ලබාදෙන්නේ නැහැ. එම නිසායි අපි මෙයින් ඉවත් වන්නේ.

    අද සමහර වෘත්තීය සමිති නායකයන් ඉන්නේ කොළඹ නැත්නම් ඉන්දියාවේ.

    ඉදිරියේ පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදී අප සංගමය රජය සමග එකතුවන්නත් පුළුවන් තනිව ඉල්ලන්නත් පුළුවන්.

    එසේ නැතිනම් වෙනත් පක්ෂයක් සමග එකතු වී ඡන්දය ඉල්ලන්නත් පුළුවන්.

    මෙහිදී කතා කළ එම සංගමයේ නායක සිවනේසන් මහතා මෙලෙස කියා සිටියා.

    මම අවුරුදු 20ක් පමණ ජාතික කම්කරු සංගමය සමග එක්ව වැඩ කළා.

    එදා මෙහි නායක දිගම්බරන් මහතා වතුකරයේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ අවධානය යොමු කළත් එය නිසි ලෙස ඉටු කළේ නැහැ.

    එදා දිගම්බරන්ට කුඩුකාරයා, උගත් නැති කෙනා, ගිනි පෙට්ටි වගේ ගෙවල් හදපු කෙනා ආදී වශයෙන් චෝදනා කරපු අය එකට එකතු කරගෙන එදා සිටි අය පැත්තක දාලා අලුත් පිරිස ළංකරගෙන වතු කම්කරුවන්ගේ දැවෙන ප්‍රශ්න අමතක කිරීමට පියවර ගත්තා.

    එම නිසා අපි තීරණය කළා එතැනින් ඉවත්ව නව සංවිධානයක් ගොඩනගා ගෙන මේ වතුකරයේ දැවෙන ප්‍රශ්න පිළිබඳ සොයා බලා ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරන්න.

    මෙහිදී හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එම්. රාම් මහතා ඇතුළු කිහිප දෙනෙකුම අදහස් දක්වන ලදී.

    පෙර පුව​තනුගේගොඩ රැළියට අපි නෑ – දිගම්බරම් තීරණයක් ගනියි
    ඊළඟ පුව​ත නිදන් සෙවූ දෙදෙනක් මාට්ටු

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group