අයගම පොලිස් වසමේ කොළඹෑව ප්‍රදේශයේ කාන්තාවකට හා ඇයගේ වයස අවුරුදු 16 ක් වූ පුත්‍රයාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල වූ බවට පොලීසියට තොරතුරක් ලැබී තිබුණා.
ඇසිඩ් ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබු මව සහ දරුවාව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් අයගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එහිදී 40 හැවිරිදි කොළඹෑව, ගවරගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි මව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අසල්වැසියන් පිරිසක් සමඟ ඇතිවූ පුද්ගලික ආරවුලක් මත මෙම අපරාධය සිදුකර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.
මෘත ශරීරය රත්නපුරය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අයගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.










