මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.
ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
ජූලි චන්ග් මහත්මිය මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපතිනිය ලෙස සිදු කළ රාජ්‍ය තාන්ත්‍රික සේවය එළඹෙන 16 වනදා අවසන් කරමින් දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
ඇය සිය ධුර කාලය තුළ එක්සත් ජනපදය සහ ශ්‍ර ී ලංකාව අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා දැරූ අඛණ්ඩ උත්සාහය මෙහිදී ජනාධිපතිවරයාගේ පැසසුමට ලක්වුණා.
එමෙන්ම, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීම වෙනුවෙන් එක්සත් ජනපදය සමඟ සම්බන්ධ වෙමින් ඇය ඉටු කළ කාර්යභාරය වෙනුවෙන්ද මෙහිදී ජනාධිපතිවරයා සිය ස්තූතිය පළ කළා.
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත් වූ සාකච්ඡාවලදී ඇය ලබා දුන් සුවිශේෂී සහාය ද අගයනු ලැබුවා.
2022 වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍ර ී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනිය ලෙස පත්ව මෙරටට පැමිණි ජූලි චන්ග් මහත්මිය වසර 4 ක් තානාපති ධුරයේ කටයුතු කළා
උණුසුම් පුවත්
- ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති මහින්ද අතර හමුවක්
- අධිවේගයේ ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
- විදුලිසැර වැදී අඹුසැමි යුවළක් ජිවිතක්ෂයට
- මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනයේ යෙදෙන රියදුරන්ට දැනුම්දීමක්
- ජනපති ට්‍රම්ප්ගෙන් ඉරාන බලධාරීන්ට අනතුරු ඇඟවීමක්
- රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර නව ගිවිසුමක්
- මියන්මාරයෙන් මෙරටට සහල් පරිත්‍යාගයක්
- ජනපති සහ අගමැති ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් හමු වෙයි











