
අමෙරිකානු හමුදාව අඛණ්ඩව තුන්වන දිනයේදීත් ඉරානයට එරෙහිව නව ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. හෝමුස් සමුද්‍ර සන්ධියේදී සිවිල් වැසියන්ට සහ වාණිජ නෞකාවලට පහර දීමට ඉරානය සතු හැකියාවන් දුර්වල කිරීම අපේක්ෂා කරන බවයි අමෙරිකානු මධ්‍යම විධානය ප්‍රකාශ කළේ. එමෙන්ම අනෙකුත් සියලුම රටවලට හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව භාවිතා කිරීමට හැකි වනු ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.














