අමෙරිකානු රජයේ අත්‍යාවශ්‍ය සේවා හැර අත්‍යාවශ්‍ය නොවන සේවා (Govement Shutdown) අද වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම පියවර ගෙන ඇත්තේ අමෙරිකානු සෙනෙට් සභාවේදී අවශ්‍ය අරමුදල් ලබා දීමේ කෙටි කාලීන පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් බවයි.
රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂ අතර අරමුදල් සම්පාදන ගනුදෙනුවක් සම්බන්ධයෙන් පවතින විරුද්ධ ස්ථාවරයන් වෙනස් කර ගැනීමට නොහැකි වීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව බවයි එම මාධ්‍ය වාර්තාවේ සඳහන්.
අත්‍යවශ්‍ය කටයුතු සඳහා තාවකාලිකව හෝ අරමුදල් සැපයීමට තිබූ අවසාන අවස්ථාව ලෙස සැලකෙන කෙටි කාලීන අරමුදල් පනත් කෙටුම්පත සෙනෙට් සභාවේ ඡන්දයෙන් අසමත් වීමත් සමඟ මෙම ‘වසා දැමීමේ’ තත්ත්වය උද්ගත වී තිබෙනවා.