සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හා වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් අතර සාකච්ඡා පවත්වා තිබෙනවා.
මහජන සෞඛ්‍යපරික්ෂකවරුන්ගේ හා ආහාර හා ඖෂධ පරික්ෂකවරුන්ගේ වෘත්තීය ගැටලු පිළිබඳ මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු වුණා.
මෙම සාකච්ඡාවේදී මහජන සෞඛ්‍ය පරික්ෂක තනතුරු පිරවීම, රාජකාරී වේලාව සංශෝධනය කිරීම සහ මහජන සෞඛ්‍ය උපාධි පාඨමාලා කඩිනම් කිරීම ඇතුළු කරුණු පිළිබඳවයි අවධානය යොමු කෙරුණේ.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ රාජකාරී වේලාව සංශෝධනය කිරීම පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමටද මෙහිදී තීරණය කර තිබෙනවා.
ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා අන්තර් අමාත්‍යාංශ සහ ආයතන එක්ව විශේෂ ක්‍රමවේදයක් කඩිනමින් සකස් කර විසදුම් ලබාගැනීමටයි මෙහිදී අවධානය යොමු වුණේ.
ශ්‍රී ලංකා ආහාර හා ඖෂධ පරික්ෂකවරුන්ගේ සංගමයේ නියෝජිතයන් ඉදිරිපත් කළ ගැටලු විසදීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතාගේ මූලිකත්වයෙන් කමිටුවක් පිහිටුවීමටත් අමාත්‍යවරයා මෙහිදී කටයුතු කර තිබුනා.
උණුසුම් පුවත්
- ගැඹුර පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 170ක් නැගෙනහිරින්
- වික්ටෝරිය, රන්දෙනිගල සහ රන්ටැඹේ ජල මට්ටම ගැන නිවේදනයක්
- නවගමුවේ ඇඟලුම් කම්හල ගින්නක්
- දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අරියි
- ඉදිරි පැය 24 තීරණාත්මකයි – අවදානයෙන් පසුවන්න
- ශ්‍රී පාද හැටන් මාර්ගයේ සිරිපා කරුණාවට කිසිදු අවදානමක් නෑ
- කසළ එකතු කිරීම බදු ගෙවූ ව්‍යාපාරිකයන්ගෙන් පමණයි
- උඩදුම්බරට භූ කම්පනයක්













