අභිනව අස්ගිරි අනුනාහිමියන්ට සන්නස් පත්‍ර ප්‍රදානය අද ජනපති සුරතින්මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අභිනව අනුනායක නාරම්පනාවේ ආනන්ද නාහිමියන්ට සන්නස් පත්‍ර ප්‍රදානය කිරීමේ මහෝත්සවය අද සිදු වනවා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙම උත්සවය පැවැත්වෙන්නේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මඟුල්මඩු පරිශ්‍රයේදියි.
අද පස්වරු 2.30 ට මෙම සන්නස්පත්‍ර ප්‍රදානෝත්ස්වය ආරම්භ වීමට නියමිතයි.
අති පූජනීය මහා සංඝරත්නය, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා, විපක්ෂ නායකවරයා, මැති ඇමැතිවරු ඇතුළු දෙස් විදෙස් ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්විමටයි කටයුතු යොදා ඇත්තේ.