2024 අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙහි නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ විභාග අංකය හෝ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් තම ප්‍රතිඵල ලබාගැනීමේ හැකියාව පවතින බවයි ඔවුන් සදහන් කළේ.
එමෙන්ම මෙම නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2025 අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන්ට ද අද මධ්‍යම රාත්‍රී 12 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ තම අයදුම්පත් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.
කිසිදු හේතුවක් මත අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය තව දුරටත් දීර්ඝ නොකරන බවයි විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.
මේ පිළිබදව වැඩිදුර විමසීම් සදහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1911 ඇමතීමේ හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- සමගි කෘත්‍යාධිකරි මණ්ඩලයට එක්වූ අලුත් මුහුණු
- තෛපොංගල් දා දැරියක් දූෂණය කළ සැකකරු අත්අඩංගුවට
- විදේශිකයන් පිරිසක් ගමන්ගත් වාහනයක් අනතුරට ලක්වෙයි
- ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්රයේ ආයෝජනයට මැලේසියානුවන් දෙදෙනෙක් දිවයිනට
- පේරාදෙණිය සරසවියේ සිසුන්ට පහරදුන් හතරක් රක්ෂිත බන්ධනාගාරයට
- නීති විරෝධී බීඩි කොළ තොගයක් අත්අඩංගුවට
- ඩුබායිහිදී ඇල්ලූ අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනො සහ කාන්තාව දිවයිනට
- අහංගල්ලේදී කාන්තාවක් ඝතානය කරයි – තවත් කාන්තාවකට තුවාල













