මෙරට අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙකු ඉන්දිය පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ මෙරට අපරාධ රැසකට සමබන්ධ මෙම සැකකරුවන් පසුගිය වසරේ නීතිවිරෝධි ලෙස ඉන්දියාවට ඇතුළු වූවන් බවයි.
ඔවුන් බැංගලෝර් මධ්‍ය අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉරේෂ් හසංක, සුගත් සමීන්දු හා දිලීප් හර්ෂණ නැමැති පුද්ගලයන් 3 දෙනෙක්.