අනුර කුමාර දිසානායක මහතා සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා නොපැමිණෙන්නේ නම් ඒ පිළිබඳව දැනුම්දෙන ලෙසට ඉල්ලා සිටිමින් ජාතික ජන බලවේගය විසින් සමගි ජන බලවේගය වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
එම ලිපිය මගින් ජාතික ජන බලවේගය එම යෝජිත විවාදය සඳහා මැයි මස 07, 09, 13 සහ 14 යන ලබා දී ඇති අතර, ඒ අනුව මෙම දින වලින් සමගි ජන බලවේගය කැමති දිනයක් විවාදය සඳහා යොදාගැනීමට හැකි බවයි එමගින් දන්වා ඇත්තේ.
එමෙන්ම සමගි ජන බලවේගයේ සූදානම අනුව දිනය තෝරාගැනීමෙන් අනතුරුව විවාදය පැවැත්වීමට අදාළ වෙලාව සහ විවාදයේ කාලසීමාව ආදී කරුණු පිළිබඳව සාකච්ඡා කරගත හැකි බවද මෙම ලිපිය මඟින් වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.
උණුසුම් පුවත්
- තවත් ජනාධිපතිවරයෙක් රටින් පලා යයි !
- රජයේ අන්තර්ජාල සේවා රැසකට බාධා !
- විදුලි ගාස්තුව ඉහලට ?
- ඇමති නලින්දට ජාත්‍යන්තරයෙන් ලොකු තනතුරක් !
- පරණ කේස් එකකට මෛත්‍රී අල්ලස් කොමිසමට ! – VIDEO –
- ඊශ්‍රායල – පලස්තීන යුද්ධය අවසන් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි
- තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරයි
- නානුඔය ජලයෙන් යටවෙයි