දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස ඉදිරියේදී රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඊට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගන්නා බව ජාතික ජන බලවේගය පවසනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්රි අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති ධුරයේ රාජකාරි කටයුතු සිදුකළ නොහැකි බවයි.
වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීම පිළිබද අග්රාමාත්යවරයා ඊයේ පාර්ලිමේන්තුවට සිදුකළ විශේෂ ප්රකාශය පිළිබද අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්රකාශ කළා.