හැටන් සිට මහවැලි ගඟට ජලය ගලා බසිනා හැටන් ඔයේ බලපත්‍රයක් නොමැතිව පිසර විනාශයක් කරමින් අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයන් හය දෙනෙක් ගිනිගත්හේන පොලිසිය විසින් අද(08) දින සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගිනිගත්හේන පොලිස් වසමට අයත් දියගල ප්‍රදේශයේ හැටන් ඔයේ ඉවුරු හාරා ඒ තුළ වූ මැණික් ඉල්ලම් ගොඩගෙන පිරිසක් අනවසරයෙන් මැණික් ගරන බවට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබෙනවා.
එහිදී සැකකරුවන් හයf දනා සහ මැණික් ගැරීමට උපයෝගී කර ගත් උපකරණ කිහිපයක් පොලිස් භාරයට ගත් බවයි ගිනිගත්හේන පොලිසියේ නිලධාරියෙකු කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් දික්ඔය, වටවල සහ ගිනිගත්හේන ප්‍රදේශවල පදිංචි අවුරුදු 40-50ත් අතර වයස් කාණ්ඩවල පසුවන අය බවත් එම සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට අද(08) දින ඉදිරිපත් කරන බවත් ගිනිගත්හේන පොලිසියේ නිලධාරීයෙක් කියා සිටියා.