වලපනේ ආසනයේ නිල්දණ්ඩාහින්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඹලියද්ද වසමේ එරමුදුකැලේ ප්‍රදේශයේ ඕබඩෝ ඔය හරස් කර අක්කර 180කට පමණ දිවයර සපයන අමුණ සහ ඇළ මාර්ගය පසුගියදා ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් හානි වූ අතර අතර ඊයේ(17) දින 100කට ආසන්න ශ්‍රම කණ්ඩායමක සහභාගිත්වයෙන් පිළිසකර කිරීමේ කටයුතු සිදු කර තිබෙනවා.
ඌව පළාත් සභාවේ මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂතුමා ඇතුළු නිලධාරීන්, පස්සර හා ලුණුගල ප්‍රදේශවාසීන් මෙම අධිෂ්ඨානයේ මෙහෙයුම වැඩසටහන යටතේ පැමිණ මෙම පිළිසකර කිරීමේ කටයුතු සිදු කරනු ලබනවා.
මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරයා, විදුහල්පතිවරුන්, නිලධාරීන් සහ ගොවි ජනතාව එක්ව සිටියා.











