පළාත් තුනක අද සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේදී තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර , සබරගමුව සහ දකුණු පළාත්වල මෙලෙස වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කෙසේවෙතත් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල වියලි කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.
එමෙන්ම උතුරු මැද, වයඹ, බස්නාහිර, සබරගමුව සහ දකුණ පළාත්වලට පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය බලපා ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ අධික උෂ්ණත්වයෙන් දරුවන් ආරක්ෂා කරගැනීම සදහා ලබාදුන් උපදෙස් මාලාව ඇතැම් පාසල් නොසලකා හැර ඇති බවයි.
ඒ අනුව අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්ත්වය හමුවේ ඇතිවිය හැකි අහිතකර තත්ත්වයන්ගෙන් පාසල් දරුවන් ආරක්ෂා කර ගනීමට සුදුසු පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය යළි පාසල් බළධාරින්ට සිහිකැදවීමක් සිදු කර තිබෙනවා.
උණුසුම් පුවත්
- විනෝද ගමන අවසන් ගමන් වෙයි
- වී මෙට්‍රික්ටොන් 40,000කට අධික ප්‍රමාණයක් රජය මිලදී ගනී
- වීසා නොමැති ශ්‍රී ලාංකික 5000ක් ඊශ්‍රායලයේ
- ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට
- පද්මෙගේ වලදැමූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන අමුද්‍රව්‍ය තොගය අද ගොඩ ගනී
- මීගමුවේ නිවසකට සහ පානදුරේ වෙළෙඳ සැලකට වෙඩි ප්‍රහාර
- උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
- ඇල්ල වැල්ලවාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථය සම්බන්ධයෙන්අණාවරණයක්