අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා ඊයේ කොළඹ දිසා අධිකරණ සංකීර්ණයේ පවතින අඩුපාඩු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
දිසා අධිකරණයේ ලඝු ලේඛණ අංශ, ලේඛණාගාරය, දිසා අධිකරණ පැරණි ලේඛනාගාරය, ආපනශාලා පහසුකම්, පිස්කල් අංශ ඇතුළු අධිකරණ සංකීර්ණයේ අවශ්‍යතා නිරීක්ෂණ කළ අමාත්‍යවරයා සේවකයින් මුහුණ දී සිටින ගැටලු සහ කාර්යාල ඉඩ පහසුකම් පුළුල් කිරීම පිළිබඳව මෙහිදී නිලධාරීන් සමඟ සාකච්ඡා කළා.
විශේෂයෙන් දිසා අධිකරණ ලේඛණාගාර පහසුකම් වැඩිදියුණු කිරීම, විනිසුරුවරුන්ගේ පහසුකම් හා දිසා අධිකරණයේ මේ වන විට සිදු කරන ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව අවධානය යොමු කළ අතර, එම ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදු කරන ලෙස අධිකරණ අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.