අද(23) උදෑසන 8.30ට අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී දිවයිනේ සියලු බන්ධනාගාර ප්‍රධානීන් කොළඹට කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
දිවයිනේ සියලු බන්ධනාගාර අධිකාරිවරුන්, කොමසාරිවරුන් මෙන්ම සහකාර කොමසාරිස්වරුන් මෙම සාකච්ඡාව සඳහා එක්ව තිබෙන අතර පැය දෙකකට අධික කාලයක් එම සාකච්ඡාව පවත්වා තිබෙනවා.
බන්ධනාගාර ආශ්‍රිත ඉදිරි කටයුතු පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී පැමිණි නිලධාරීන් දැනුවත් කර තිබෙන අතර වර්තමානයේ බන්ධනාගාර තුළ මතුව ඇති අර්බුදකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.