අද සහ හෙට යන දෙදින පැය දෙකයි මිනිත්තු 20 ක කාලයක් සඳහා විදුලි කප්පාදුවකට අනුමැතිය ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.
මේ අනුව අද සහ හෙට ඒ සිට ඩබ්ලිව් දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් විදුලි කප්පාදු කෙරෙනු ඇති.
රාත්රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් විදුලි කප්පාදුව ක්රියාත්මක කිරීමට අවසර ලබා දුන් බවත් ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.