අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි නැවත විමර්ශනයට පියවර ගෙන ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.
ඒ අනුව 2000 වසරට පෙර උතුරේ සහ දකුණේ වාර්තා වූ බලහත්කාර අතුරුදහන් කිරීම් පිළිබඳ පැමිණිලි 10,531කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ නැවත ආරම්භ කරන බවයි අමාත්‍යවරයා සදහන් කලේ
මේ සඳහා කැබිනට් අනුමැතිය මේ වනවිටත් ලබාගෙන ඇති බවත්, මෙම ක්‍රියාවලිය සඳහා රුපියල් මිලියන 375ක මුදලක් වෙන් කර ඇති බවත්, අමාත්‍යවරයා සදහන් කලා.
බලහත්කාරයෙන් අතුරුදන් කරනු ලැබූවන් වෙනුවෙන් වූ ජාත්‍යන්තර දිනයට සමගාමීව මෙරට අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් සංවිධානය කළ වැඩසටහනක් අරලියගහ මන්දිරයේදී පැවති අතර, එම අවස්ථාවේදීයි ඔහු මේ බව සඳහන් කලේ