ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන, අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් “පොඩි ලැසී” ඉන්දියාවේ සිට මෙරට විශේෂ පොලිස් නිලධාරී කණ්ඩායමක් විසින් අද(27) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙනවා.
රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ග සහ ජාත්‍යන්තර පොලිසියේ මැදිහත්වීම මත ඉන්දියාවේ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබූ “පොඩි ලැසී” මෙරටට රැගෙන ඒමට හැකි වී තිබෙනවා.
2024 වසරේ දෙසැම්බර් 09 දින ඇප ලබා ගැනීමෙන් පසුව ඉන්දියාව වෙත මුහුදු මගින් පළා ගිය පොඩි ලැසී, 2025 වසරේ ජනවාරි මස ඉන්දියාවේ මුම්බායි නුවර දී එරට ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොඩි ලැසී අද(27) දින අලුයම 05.55 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 142 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙනවා.
මෙසේ රැගෙන ආ පොඩි ලැසී වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇල්පිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය වෙත භාරදීමට කටුනායක ගුවන් තොටුපොළේ සිට දැඩි රැකවල් මධ්‍යයේ රැගෙන ගොස් තිබෙනවා.














