අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට අද(09) දිනයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
පසුගිය වෙසක් පොහොය වෙනුවෙන් ලබාදුන් ජනාධිපති පොදු සමාව අවභාවිතා කර රැඳවියෙකු නිදහස් කර ඇති බවට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයා ඊයේ(08) රාත්‍රීයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින්.
පොලිසිය පවසන්නේ සිර දඬුවම් නියම වූ සැකකරුවෙකුට ජනාධිපති සමාව හිමි වූ බවට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර නිදහස් කිරීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගත් බවයි.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු බන්ධනාගාර අධිකාරිවරයා වයස අවුරුදු 52ක් වන කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.