හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසල් 25ක අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපනය ලබන ළමුන් 4000කට පාසල් පොත් ලබාදීමේ උත්සවයක් ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි සහ බෙරන්ඩිනා ශ්‍රී ලංකා ආයතනයේ සභාපති අනුර අතපත්තු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හැටන් කාෆෙක්ස් දමිළ මහා විද්‍යාලයේදී ඊයේ(27) සිදු කර තිබෙනවා.
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය මගින් පාසල් 25ක අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් හඳුනාගෙන ඉන් ළමුන් 4000කගේ නාම ලේඛනයක් බෙරන්ඩිනා ශ්‍රී ලංකා ආයතනය වෙත ලබාදී තිබෙනවා.
එම නාම ලේඛනය අනුව රුපියල් මිලියන 15ක ප්‍රතිපාදන යටතේ පාසල් පොත් පාසල් ළමුන්ට බෙදාදීම සිදුකර තිබෙනවා.
මෙම අවස්ථාවට හැටන් කලාප අධ්‍යාපන අද්‍යක්ෂ නාමල් චන්ද්‍රකුමාර, එම විදුහලේ විදුහල්පති ජේස් පීටර්, නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු බෙරන්ඩිනා ආයතනයේ නිලධාරීන් විශාල පිරිසක් සහභාගිව තිබෙනවා.