සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධන පිළිබඳ ආංශික අධික්‍ෂණ කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්ව තිබෙනවා.
ඒ අනුව හිස් වූ තනතුර සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පත් කර තිබෙනවා.
සභාපති ධුරය සඳහා මරික්කාර් මහතාගේ නම යෝජනා කර තිබෙන්නේ අජිත් පී. පෙරේරා මහතා විසිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා ස්ථිර කර තිබෙනවා.
නව සභාපතිවරයා කමිටුව හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ ආංශික අධීක්‍ෂණ කාරක සභාවේ විෂය පථයට අමාත්‍යංශ තුනක් යටතේ ඇති ආයතන 50ක් පමණ ඇතුළත් වන බවයි.