
වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ඒ අනුව ඊයේ දින දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 91,346ක් බවයි එම ඒකකය සඳහන් කළේ.
එසේම, ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 68ක් ද දක්වා ඉහළ ගොස් ඇති බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙනවා.














