ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීමට නව ගිවිසුමකට අත්සන් කර තිබෙනවා.
ඒ අනුව ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ආර්.එම්. පාර්ක්ස් සමාගම අතර දිගුකාලීන ගිවිසුමකට අත්සන් කිරීමටයි ඊයේ කටයුතු කෙරුණේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුත්ත ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.
එහිදී විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්.යූ.ඩී.පී.කේ. මාපා පතිරණ සහ ආර්.එම් පාර්ක්ස් සමාගමේ උප සභාපති ජස්ටියන් ඩිවිස් යන මහත්වරු ජනාධිපතිවරයා ඉදිරියේ ගිවිසුමට අත්සන් තැබීමටයි කටයුතු කළේ.
බලපත්‍රය නිකුත් කිරීමෙන් පසු ආර්.එම්. පාර්ක්ස් සමාගම, ෂෙල් සමාගම සමඟ එක්ව දින 45ක් ඇතුළත ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ආරම්භ කිරීමට මේ යටතේ සැලසුම් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- BREAKING NEWS: සිය ගණනකට ජීවිත අහිමි කළ එයාර් ඉන්දියා කඩා වැටීම [VIDEO]
- මහ බැංකු බැදුම්කර වංචා නඩුව ලබන දෙසැම්බර් 11 නැවත කැදවයි
- හල්ලොලුවගේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමට අවසර
- විදෙස් අධ්‍යාපනට චීන දරුවන් යොමු වීමේ වැඩි නැඹුරුවක්
- නව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ
- සැමියා විසින් ඝාතනය වූ බිරිඳ
- ඉන්දීය සංචාරකයින්ගේ පැමිණීම ඉහළට
- සත්ත්ව සංගණනයේ වාර්තා එළියට