අඛණ්ඩව 3 වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි ඊයේ සිය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.
ඉන්දියාවේ රාෂ්ට්‍රපති භවන්හිදී පැවති උත්සවයේදී ජනාධිපතිනි දෘපදී මුර්මු ඉදිරියේ මෝදි දිවුරුම් දීමටයි කටයුතු කළේ.
දිවුරුම් දීමේ උත්සවයට පෙර අගමැති මෝදි රාජ්ගාට් හි පිහිටි මහත්මා ගාන්ධි පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්වීම සිදු කළ අතර ජාතික යුද ස්මාරකය වෙත ද පුෂ්පෝපහාර දැක්වීමට කටයුතු කළා.
දිවුරුම් දීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු ලොව පුරා නායකයන් රැසක් එක්ව සිටියා.
නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂය සහ ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානය ආසන 293ක් ලබා ඉන්දීය මහමැතිවරණය ජයග්‍රහණය කිරීමත් සමඟ තුන්වන වරටත් ඉන්දීය අගමැතිවරයා ලෙස තේරී පත්වුණා.
ජවහර්ලාල් නේරුගෙන් පසු තුන්වරක් අගමැති ධූරයට පත් වූ පළමු පුද්ගලයා වන්නේද නරේන්ද්‍ර මෝදියි.
උණුසුම් පුවත්
- වගා හානි වන්දි ලෙස මෙම වසරේ රුපියල් මිලියන 1,484ක්
- ගාසා නගරය අත්පත් කර ගැනීම සදහා ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය
- කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 18 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව
- උසස් පෙළ විභාගයට අයදුම් කිරීමේ කාලය දීර්ඝ කෙරේ.
- නැගෙනහිර පළාතේ සංවර්ධන ව්‍යාපෘති සදහා රුපියල් මිලියන 897ක මුදලක්
- අසාධාරණ ගැන සජබයෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක් !
- වෛද්‍යවරුන් 82 දෙනෙකු සේවය හැරයෑමේ රතු නිවේදන නිකුත් කරයි
- බලන්ගොඩ හල්පෙ රත්තනගොල්ල කන්දේ හදිසි ගින්නක්