ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍යවරයෙකු වන අකිල විරාජ් කාරියවසම් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව හමුවට අද(22) පෙරවරුවේ පැමිණ තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත ගොඩනැගිල්ලේ අලුත්වැඩියාවක් සඳහා ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් යොදාගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටයි අකිල විරාජ් කාරියවසම් මහතා කොමිසම හමුවට පැමිණ ඇත්තේ.
අදාළ ප්‍රකාශය ලබාදීමෙන් පසුව ඒ මහතා කොමිසමෙන් පිටව ගොස් ඇති බවටද වාර්තා වනවා.