2015 /2016 වසරවලදී සිදුවූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව මහාධිකරණයේ පවරා ඇති නඩුව විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා .
ඒ කොළඹ මහාධිකරණයේ ගොනුකොට ඇති අධි චෝදනා පත්‍රය බලරහිත කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ රිට් ආඥාව අහෝසි කරමින්.
මහාධිකරණයේ ගොනුකොට ඇති අධි චෝදනා පත්‍රය බලරහිත කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ රිට් ආඥාව අහෝසි කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා ගොනු කර තිබූ විශේෂ අභියාචන පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි ශේෂ්ඨාධිකරණය මෙම නියෝගය සිදු කර ඇත්තේ.
ශේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරෙයි රාජා, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන මහත්වරුන්ගේ හමුවේ පැවැති මෙම විශේෂ අභියාචන පෙත්සම් විභාගයෙන් අනතුරුව අදාළ නියෝගය ප්‍රකාශයට පත් කර තිබෙනවා .
උණුසුම් පුවත්
- ආසියානු කුසලානයේ සිව් වන තරගය අද
- මෙරට පාසල් සිසුන්ට චිනයෙන් දැවැන්ත ප්‍රදානයක්
- ජනපතිගෙන් පළාත් ප්‍රධානීන්ට උපදෙස් මාලාවක්
- දේශපාලන පලිගැනීම් වළක්වාලීමට මැදිහත් වන්න – විපක්ෂය මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ගෙන් ඉල්ලයි
- බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයාට වසර 27 ක සිරදඩුවම් නියම කෙරේ
- මනුෂ්‍ය ඝාතනයකට අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණික තත්ත්වය
- වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මරුට