
පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩන් නුවරට යාමට රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනුකර තිබුණා..













