සිරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ලබන මස 5 වනදා පැවැත්වීමට දින නියම කර තිබෙනවා.
වසර 25 කට ආසන්න කාලයක් සිරියාවේ නායකයා ලෙස කටයුතු කළ බෂාර් අල්-අසාද්, පසුගිය දෙසැම්බර් මාසයේදී රුසියාවට පළා ගියා.
ඒ, ඔහු බලයෙන් පහ කිරීමත් සමගයි.
1963 වසරේ සිට බලයේ සිටි බාත් පක්ෂ පාලනය ද එමඟින් අවසන් වුණා.
බෂාර් අල්-අසාද් බලයෙන් පහ කිරීමෙන් පසු සිරියාවේ පැවැත්වෙන පළමු මැතිවරණය මෙයයි.
එහිදී මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක පිරිසක් මහජන ඡන්දයෙන් තේරී පත් වන අතර තුනෙන් එකක් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබනවා.
සිරියා පාර්ලිමේන්තුවේ සභික ධුර සංඛ්‍යාව 210ක්.