බිරිද විසින් තම සැමියාගේ හිසට පොරවෙන් කොටා අත්, කකුල් ගැටගසා අමානුෂික ලෙස ඝාතනය කළ අවාසනාවන්ත පුවතක් කැබිතිගොල්ලෑව පොලිස් වසමේ කුරුලුගම ගම්මානයෙන් වාර්තා වනවා.
ඒ අනුව සැකකාර කාන්තාව කැබිතිගොල්ලෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කුරුලුගම, කලවැදිඋල්පත කැබිතිගොල්ලෑව ලිපිනයේ පදිංචිව සිටි සැකකාර කාන්තාවකි.
පසුගිය 05 වැනි දින සිය නිවසේදී මෙම ඝාතනය තමා විසින් සිදු කළ බව පවසමින් සැකකාර බිරිද විසින් 06 වනදා උදෑසන කැබිතිගොල්ලෑව පොලිස්ථානයට පැමිණිලිකර තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කැබිතිගොල්ලෑව පොලිස් වසමේ කුරුලුගම, කලවැදි උල්පත, කැබිතිගොල්ලෑව ලිපිනයේ පදිංචිව සිටි 46 හැවිරිදි උක්කුවාගේ උපාලි හේරත් නැමැති පුද්ගලයෙකි.
මෙම දෙදෙනා අතර දිර්ඝ කාලයක සිට ඇති කරගත් පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
සිය බිරිද විසින් පොරවකින් සැමියාගේ හිසට පහර දි දරුණු තුවාල සිදුකර පසුව නයිලෝන් වර්ගයේ ලණුවක් ආධාරයෙන් අත් දෙක හා කකුල් ගැටගසා සිය කාමරයේ බිම දමා මියයාමට සලස්වා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් කැබිතිගොල්ලව පොලිස් ස්ථානය විසින් හා විශේෂ කාර්යාංශය විසින් සුදුකළ විමර්ෂණයේදී මෙම පුරුෂයා හා බිරිඳ අතර දීර්ඝ කාලීනව නිතර නිතර ආරවුල් ඇති කර ගන්නා බවත් මරණකරු හා ඔවුන්ගේ සහෝදරයන් අතර ඉඩම් ආරවුල් කිහිපක් හේතුවෙන් පොලිස් ස්ථානය වෙත පැමිණ මාසිකව පොලිස් ස්ථානයේ පෙනී සිටින බවටත් අනාවරණ වී තිබෙනවා.
ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කැබිතිගොල්ලෑව පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිදු කරන ලබනවා.