ඇමෙරිකානු නාවික හමුදාවට අයත් සැන්ටා බාබ්රා නෞකාව අද කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබෙනවා.
එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, මෙම නෞකාව මෙරටට පැමිණෙන පළමු සංචාරය මෙය වන බවයි.
මෙමගින් එක්සත් ජනපද-ශ්‍රී ලංකා හවුල්කාරිත්වයේ ශක්තිය, ආරක්ෂිත, සමෘද්ධිමත් සහ නිදහස් ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා වන අපගේ හවුල්කාරී කැපවීම අවධාරණය කරන බවයි එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ.
සැන්ටා බාබ්රා යනු ලොව විශාලතම ඉදිරි පෙළ බලඇණියට අණ දෙන එක්සත් ජනපද 7 වන බලඇණියේ කොටසක්.
එහි ප්‍රධාන මෙහෙවර වන්නේ, බටහිර පැසිෆික් සහ ඉන්දියානු සාගරවල සිය හමුදාවන්ට මෙහෙයුම් පාලනය සහ සැලසුම් සැපයීමයි.
සැන්ටා බාබ්රා නෞකාව, ආක්‍රමණ වැළැක්වීම, සන්ධාන සහ හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම සහ අනාගත යුද සටන් හැකියාවන් දියුණු කිරීම සඳහා නිතිපතා ඉන්දු-පැසිෆික් කලාපයේ මුර සංචාරයේ නිරත වනවා.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














