පසුගිය වර්ෂයේ මාර්තු සිට දෙසැම්බර් දක්වා ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ වාර්තාව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව 2024 මාර්තු මාසය වන විට සිටි මිලියන14.5 ක් වන ශ්‍රී ලංකාවේ ෆේස්බුක් පරිශීලකයින් සංඛ්‍යාව එම වසරේ දෙසැම්බර් මාසය වන විට මිලියන 15 ක් දක්වා වැඩ වී තිබෙනවා.
එමෙන්ම පසුගිය වසරේ මාර්තු මස වන විට මිලියන 14 ක් වූ ශ්‍රී ලංකාවේ youtube පරිශීලකයින් සංඛ්‍යාව දෙසැම්බර් වන විට මිලියන 14.5 දක්වා වැඩි වී ඇති බවයි සඳහන් වන්නේ.
ශ්‍රී ලංකාවේ TikTok පරිශීලකයින් සංඛ්‍යාව මාර්තු මස වන විට මිලියන 9.4ක්ව වූ අතර එය දෙසැම්බර් මස වන විට මිලියන 10.5 ක් දක්වා වැඩි වී තිබෙනවා.
එය මිලියනයක වර්ධනයක් බවයි සඳහන් වන්නේ.
පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ Instragram පරිශීලකයින් ගණන මිලියන 8 සිට මිලයන 8.5 දක්වා වර්ධනයක්.