වෙඩි වැදීමක් හේතුවෙන් සීදුව කොටුගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන්. අදාළ පුද්ගලයා තවත් අයෙකු සමග මෝටර් රථයකින් ගමන් කර ඇති අතර කොටුගොඩ ප්‍රදේශයේදී පොලිසිය විසින් එම රථය පරික්ෂාවට ලක් කර තිබෙනවා.
එහිදී ඔහු පොලිස් සැරයන්වරයාගේ ගිනිඅවිය උදුරාගැනීමටයි උත්සාහ දරා ඇත්තේ.
එම අවස්ථාවේ දී එම අවිය ක්‍රියාත්මක වී අදාළ නිලධාරියාගේ පාදයකට හා උදුරාගැනීමට උත්සාහ කළ පුද්ගලයාගේ උදරයට වෙඩි වැදී තිබෙනවා.
පාඩුව දෙදෙනාම මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර අදාළ පුද්ගලයා මියගොස් ඇති බවයි වාර්තාවන්නේ.
උණුසුම් පුවත්
- බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවක් ජීවිතක්ෂයට
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට
- ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි
- ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්
- දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ගෙනා යුවළක් අත්අඩංගුවට
- ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට
- කලවානේ මාර්ග 8ක් සංවර්ධනය කෙරේ
- ප්‍රංශ ජනපති ඉන්දියාවට













