විදේශිය දුම්වැටි තොගයක් සමග ගුවන් මගීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසිනුයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඩුබායි සිට පැමිණ ඇති මෙම සැකකරුවන් සන්තකයේ තිබී විදේශීය දුම්වැටි තිස් එක්දහසක් පමණ පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඔවුන් නීතිවිරෝධිව ගෙන්වා ඇති මෙම දුම්වැටි තොගය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර දෙන බවයි පොලිසිය සදහන් කළේ.