කෙටි කාලීන වීසා මත මෙරටට සංචාරය සඳහා පැමිණෙන විදේශකයින්ට ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීමට අවශ්‍ය රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් අද සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයෙහි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සදහන් කලේ සංචාරකයින්ට තාවකාලිකව රියදුරු බලපත්‍ර ලබාගෙන සංචාර ගමනාන්තය දක්වා ගමන් කිරීමේ හැකියාව පවතින බවයි .
සංචාරකයින්ගේ පහසුව පිණිස අද සිට මෙම කටයුතු කටුනායක ගුවන් තොටුපලෙහිදී අරඹීමට තීරණය කොට තිබෙනවා.
නව ක්‍රමවේදය යටතේ විදේශිකයින්ට සැහැල්ලු වාහන හා යතුරු පැදි සඳහා පමණක් බලපත්‍ර නිකුත් කෙරෙන අතර, බර වාහන හෝ ත්‍රී රෝද රථ සඳහා රියදුරු බලපත් නිකුත් නොකරන බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
- පිංවත්තේ පුද්ගල ඝාතනයක්
- දිවයිනේ උණුසුම් කාලගුණය ගැන අනාවරණයක්
- බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
- දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට














