වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
මෙම අමාත්‍යාංශයට අදාළව 2025 වසර සදහා අයවැයෙන් වෙන් කළ ප්‍රතිපාදනවලින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති පිළිබද සමාලෝචනයක්ද මෙහිදී සිදු කර තිබෙනවා.
මෙවර අයවැයෙන් මෙම ආයතනවලට වෙන් කළ ප්‍රතිපාදනවලින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිවල ප්‍රගතිය ගැටලු හා ඉදිරි සැලසුම් පිළිබද පුළුල් ලෙස මෙහිදී සාකච්ඡා කෙරුණා.
පොල් වගාව සංවර්ධනය පිළිබඳ විශේෂ මෙහිදී අවධානයක් යොමු කර ඇති බවයි වාර්තා වුනේ.
ඒ සඳහා වාණ්ජ වගාවන් සහිත ඉඩම් හඳුනාගෙන ඒවා ප්‍රවර්ධනයට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ජනාදිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සදහන් කර ඇත්තේ මහා භාරකාර දෙපාර්තමේන්තුව සතු උපයෝජනය නොවූ ඉඩම් උපයෝජනය සදහා සැලැස්මක් සකස් කරන ලෙසයි.
තේ හා රබර් ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණ කටයුතු සම්බන්ධයෙන්ද සොයා බලා තිබෙනවා.
උණුසුම් පුවත්
- නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්
- විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
- පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට
- කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ
- ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
- යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්
- ඉන්දියාවේ ගුවන් අනතුරකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට














