ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු දවාගත් වමත් වේගපන්දු යවන්නා බවට පත්වීමට ඕස්ටේ්‍රලියාවේ මිචෙල් ස්ටාක්ට හැකිව තිබෙනවා.
අළු බඳුන තරගාවලියේ බි්‍රස්බේන් හිදී ආරම්භ වූ දෙවන තරගයේදී ඔහු මෙම සුවිශේෂී කඩඉම පසු කළා.
ස්ටාක් මෙම තරගයේ මේ වනවිට කඩුලු 4 ක් බිඳහෙළා ඇති අතර ඒ සමග ඔහුගේ ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 416 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මිට පෙර පාකිස්තානයේ වසීම් අක්‍රම් ලෝකයේ වැඩිම ටෙස්ට් කඩුලු දවාගත් වමත් වේගපන්දු යවන්නා බවට පත්ව සිටියා.
මෙම වාර්තාවේ තෙවන ස්ථානයේ ශ්‍රී ලංකා ක්‍රීඩක චමින්ද වාස් කඩුලු 355 ක් දවා ගනිමින් පසුවන අතර කඩුළු 317 ක් දවා ගත් නවසීලන්තයේ ට්‍රනේට් බෝල්ට් සිව්වන ස්ථානයේත්, කඩුළු 313 ක් දවා ගත් ඕස්ටේ්‍රලියාවේ මිචෙල් ජොන්සන් පස්වන ස්ථානයෙත් පසුවෙනවා.
ටෙස්ට් ඉතිහාසයේ වඩාත්ම සාර්ථක වමත් වේග පන්දු යවන්නා බවට පත්වීම පිලිබදව වසීම් අක්‍රම්ද සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ස්ටාර්ක්ට සුබ පතා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.











