Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වරාය, තෙල්, විදුලිය සහ බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වැඩ වර්ජනය අද

    වරාය, තෙල්, විදුලිය සහ බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වැඩ වර්ජනය අද

    2023-03-01කියවීමට මිනිත්තු 2ක් ගතවේ.50 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය දක්වමින් ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති ගණනාවක් අද දිනයේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා.

    සෞඛ්‍ය, වරාය, තෙල්, විදුලි සහ බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක් මේ සදහා එක්වීමට නියමිතයි .

    එමෙන්ම අද පැවැත්වෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සිය සහයෝගය දැක්වීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිවේදනය කළා.

    රෝගී සත්කාරක සේවාවට බරපතල ලෙස හානි නොවන අයුරින් විරෝධතාවය පල කරන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සදහන් කලේ .

    http://vnews.lk/wp-content/uploads/2023/03/RAVI-KUMUDEESH-EDIT-.mp3

    එමෙන්ම අද දිනයේදී ගුරු -විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක්ද කළු විරෝධතාවක් ප්‍රකාශ කර තිබෙනවා.

    ලංකා ගුරු සංගමය සඳහන් කළේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් කළු ඇදුමෙන් සැරසී අද පාසල් වෙත පැමිණෙන බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/03/JOSHAP-EDIT-.mp3

    මේ අතර අද දිනයේදී දිවයින පුරා සියලු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතුවලින් ඉවත්වී සිය විරෝධය පළකරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කළා.
    එමෙන්ම ලෙඩ නිවාඩු වාර්තා කරමින් තෙල්, විදුලි, ජල ක්ෂේත්‍රවල වෘත්තීය සමිති ද අද දිනයේදී සිය විරෝධතාව පළකිරීමට නියමිතයි .
    වරාය වෘත්තීය සමිති විසින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිත අතර ඒ හරහා භාණ්ඩ ගොඩබෑම්, නැව් පැමිණීම් සහ පිටවීම් සම්පූර්ණයෙන් අඩාල වනු ඇති බවයි ඔවුන් කියා සිටියේ.

    මේ අතර රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය දක්වමින් මහබැංකු සේවකයින්, රජයේ සහ පෞද්ගලික බැංකුද වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වනවා.

    ඒ හේතුවෙන් අද රාජ්‍ය සහ පෞද්ගලික බැංකු බොහොමයක කටයුතු අඩාල වනු ඇති බවයි වෘත්තීය සමිති පැවසූවේ .කෙසේ වෙතත් මහ ජන බැංකුවේ සහ ලංකා බැංකුවේ සභාපතිවරුන් ඊයේ සදහන් කලේ උපරිම සේවාවක් සැලසීම සඳහා තම බැංකු සූදානම් බවයි.

    දුම්රිය වෘත්තීය සමිති සන්ධානය, දුම්රිය රියදුරු සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති ගණනාවක්ම වර්ජනයේ නිරත වීමට නියමිත වනවා.

    කෙසේ නමුත් සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු අද දිනයේදී සිදුවන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වී.එස්. පොල්වත්තගේ මහතා ප්‍රකාශ කළා.

    මිට අමතරව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සිය සහය පළනොකරන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/03/GAMUNU-EDIT-.mp3

    මේ අතර වරාය, ගුවන් තොටුපොළ සහ මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

    වෘත්තීය සමිති විසින් වැඩවර්ජනයක් අද වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමකයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

    එමෙන්ම මිට පෙර විදුලිය ඉන්ධන සහ සෞඛ්‍ය යන සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබුණා .

    පෙර පුව​තකෘෂිකර්මාන්තයේ විප්ලවීය වෙනසක්
    ඊළඟ පුව​ත අඛණ්ඩව සහය දෙන බවට ලෝක බැංකුවෙන් සහතිකයක්

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group