ඊයේ ආණමඩුව පොලිස් වසමේ දෙහිගලයාය ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මියගිය පුද්ගලයා තම පුතා සමග පාපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 74ක් වන ආණ්ඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය ආණමඩුව රෝහලේ තැන්පත් කර ඇති අතර ආණ්ඩුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.