“අපට අපයෝජනයෙන් තොර සහ ළමා අපයෝජනයෙන් තොර ලෝකයක් ලබාදෙන්න” යන තේමාව යටතේ පා ගමනක් සහ වීදි නාට්‍යයක් අද(24) දින තලවකැලේ පුඩළුඔයේදී පවත්වා තිබෙනවා.
පුඩළුඔය පැරිස් අපෝස්තලික ක්‍රිස්තියානි පල්ලිය විසින් මෙම පා ගමන සහ වීදි නාට්‍යය සංවිධානය කර තිබෙනවා.
ලෝක ළමා ආරක්ෂන දින පා ගමන පූඩළුඔය පැරිස් අපෝස්තලික ක්‍රිස්තියානු පල්ලියෙන් ආරම්භ කර පූඩළුඔය කයාපුක්කල පැරිස් උද්‍යානය දක්වා පැමිණ එම උද්‍යානයේදී ජනතාව දැනුවත් කිරීම වීදි නාට්‍යය රඟ දක්වන ලදී.
පා ගමනට එක්වූ පිරිස ළමා අපයෝජනය හෙළා දකිමින් බැනර් සහ සටන් පාඨ පෝසර්ටර් රැගෙන පා ගමනට එක්විය.
මෙම අවස්ථාවට පැරිස් අපෝස්තලික ක්‍රිස්තියානු පල්ලියේ දේවගැති ජොනතන්, ගම් නිලධාරීන්, පවුල් සුබසාධන සහ තවත් බොහෝ සමාජ සුබසාධන ක්‍රියාකාරීන් ඇතුලු ළමුන් සහ ඔවුන්ගේ දෙමාපියන්, ක්‍රිස්තියානි පල්ලියේ කාර්ය මණ්ඩලයේ සහ ඩ්‍රොප්ස් ඔෆ් මර්සි ව්‍යාපෘතියේ ගුරුවරුන් සහභාගි ව තිබෙනවා.